මේ වන විට රටේ පාලනය සිදුකරනු ලබන්නේ කලු කඩ වෙළදුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා චෝදනා කරනවා.
අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම හරහා ඔප්පු වන්නේ ආණ්ඩුව කලු කඩ වෙළදුන්ට යටත්වීමක් බවයි.