විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2යටතේ ඇසූ ප්රශ්නය.
………………………………..
පසුගිය සති කිහිපය තුළ හදිසියේ නැවතත් කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය, අසාධ්‍ය රෝගීන් සහ මරණ වැඩි වී ඇති බව වාර්තා වෙනවා.
මෙය ජාතික වැදගත්කමකින් යුතු හදිසි ගැටලුවක් වන බැවින්, පහත ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.
1. පසුගිය සතිය තුළ සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව, අසාධ්‍ය රෝගීන් සහ මරණ පිළිබඳ සැලකීමේ දී තවත් කොවිඩ් රැල්ලක් මෙරට නිර්මාණය වෙමින් පවතින බව රජය පිළිගන්නේ ද?
2. පසුගිය දින 10 තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව, කොවිඩ් මරණ සංඛ්‍යාව, PCR පරීක්ෂණ සංඛ්‍යාව සහ, හදිසි ප්‍රතිකාර ඒකක තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සහ රෝහල්වල සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?
3. මේ වන විට ලෝකය පුරා හඳුනාගෙන ඇති කොවිඩ් ප්‍රභේද මොනවා ද? ඒවායින් මෙරට තුළ වාර්තා වී ඇති ප්‍රභේද මොනවාද?
4. දැනට මෙරට ලබා දෙන එන්නත් වර්ග වන ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V, ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් වර්ග පහ අතුරින් ඒ එක් එක් ප්‍රභේද සඳහා සාර්ථකත්වය කොපමණ ද?
5. තවත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වෙමින් පවතින වාතාවරණය තුළ කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා පනවා තිබූ රෙගුලාසි ලිහිල් කිරීම සුදුසු වන්නේ ද?
6. සියළු රජයේ නිලධාරීන්ට මෙම සතියේ සිට රාජකාරියට අඛණ්ඩව වාර්තා කිරීමට නියම කිරීම තුළ, කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අවදානම් කාණ්ඩ ලෙස සැලකෙන නිධන්ගත රෝගවලින් පෙළෙන පිරිස්, ගර්භනී සහ කුඩා දරුවන් සිටින නිලධාරිනියන්ගේ ජීවිත අවදානමකට ඇද දැමීමක් සිදු නොවන්නේ ද?
7. සෞඛ්‍ය අංශ සතුව පවතින ICU beds, ඔක්සිජන් සැපයුම, පරීක්ෂණ ධාරිතාව සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්‍රමාණයන් පිළිබඳ රජය සෑහීමකට පත්වන්නේ ද? එම ප්‍රමාණය ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන් පාලනය කිරීමට ප්‍රමාණවත් ද? ඒ පිළිබඳ විශේෂඥයින්ගේ පුරෝකථන පිළිබඳ රජය සැලකිලිමත් වන්නේ ද? පසුගිය අවස්ථාවන් කිහිපයේදීම අප අවධාරණය කළ පරිදි රජය විසින් අළුතින් ඇති කරන ලද ICU Beds, ඔක්සිජන් සැපයුම් සහ ප්‍රතිකාර ධාරිතාවන් කොපමණ ද?
8. මේ වන විට කොවිඩ් 19 ආසාදිත දරුවන් සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස ඉහළයමින් පවතිනවා. එමෙන්ම දරුවන් කොවිඩ් වැළඳී මියගොස් ඇති බව ද වාර්තා වෙනවා. ඒ පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නේ ද? දරුවන් මෙතෙක් කොවිඩ් සඳහා එන්නත්කරණය කර නොමැති බැවින්, මෙම තත්ත්වය පාලනයට රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ?
