රජය විසින් ජාතික සම්පත් විකිනිම ඇතුලූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලබන සිකුරාදා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග සාකච්ඡා කිරීමට ජාතික සම්පත් විකිනිමට එරෙහි තෙල් – විදුලිය සහ වරාය ඒකාබද්ධ සන්ධානය පවසනවා.
මේ වනවිටත් ආගමික නායකයින් ඇතුලූ දේශපාලනඥයින් කිහිපදෙනෙකු සමග ආණ්ඩුවේ ජාතික සම්පත් විකිනිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ.