කොවිඩ් වසංගත තත්වය හමුවේ පනවා ඇති ඇදිරි නීතිය මේ වන විට සාමාන්‍යය නීතියක් බවට පත්ව ඇති බවට සමගි ජනබලවේගය පවසනවා.
නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයින්ට දේශපාලන රැස්විම් පවත්වන ලෙස එහි නායකයින් විසින් උපදෙස් දී ඇති බවයි අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා චෝදනා කළේ.
වෙළදපොළේ අත්‍යවශ්‍යය භාණ්ඩ සුලු ප්‍රමාණයක් පමණක් නොව භාණ්ඩ සියල්ලෙහිම වෙළදපළ හිගයක් නිර්මාණය වී ඇති බවද හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා.
එම නිසා වත්මන් ආණ්ඩුව විසින් රට බංකොලොත් තත්වයට පත්කර ඇති බවයි මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේ.