පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාව අද පැවැත්වෙනවා.
පස්වරු 04 යි 30 ට අරලිය ගහ මන්දිරයේදී එය ආරම්භවීමට නියමිතයි.
මෙම සාකච්ඡාව ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතවුවද අද දිනය දක්වා කල් ගියා.
වත්මන් දේශපාලන තත්වය සහ යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කලේ.