කොවිඩ් වසංතය ආරම්භයේ සිට ආණ්ඩුව විසින් එය දේශපාලනීකරණයට ලක්කිරීමෙන් අදවනවිට රට දැඩි අවදානමකට හෙළා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන් මහතා පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ දක්ෂ වෛද්‍යවරුන් රැසක් දේශපාලන හේතුන් මත ස්ථාන මාරු කිරීමද වත්මන් කොවිඩ් තත්වය පාලනය කිරීමට අපොහොසත්වීමට හේතුවක් බවයි අද (06) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.
අදවනවිට කොවිඩ් අර්බුදයෙන් රට පත්ව ඇති තත්වයට ආණ්ඩු සම්පූර්ණයෙන් වගකිව යුතු බවටයි මන්ත්‍රිවරයා චෝදනා කර සිටියේ.