ආණ්ඩුව පාර්ශවයෙන් කුමන බලපෑම් එල්ල වුවද කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහි අරගලය අත් නොහරින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කරනවා.
මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම සම්මේලනයේ සභාපති මහාචාර්යය ශ්‍යාම් බන්නැහැක මහතා කියා සිටියේ කොතලාවල පනත් කෙටුම්පතට එරෙහි අරගලයට එක්ව සිටින පිරිස් මර්දනය කිරීමට ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් සිටින බවයි.
කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පණත් කෙටුම්පතට එරෙහි අරගලයට එක්ව සිටින පිරිස් අත්තනෝමතික ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළා දකින බවද මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා මෙහිදී කියා සිටියා.
