ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිවලින් සිදුව ඇති විනාෂයේ බර දැරීමට සිදුව ඇත්තේ මහජනතාවට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
අද වනවිට භාණ්ඩමිල අසීමිත ලෙස ඉහළයාම ඊට උදාහරණයක් බවයි පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේ.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලැයිස්තුවක් නම් කරමින් ඒවා ආනයනයේදී සීමා පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති තීරණය පිළිබදවද ටිල්වින් සිල්වා මහතා මෙහිදී විවේචනයක් එල්ල කළා.