කොළඹ ඊයේ (16) පස්වරුවේ පැවති විරෝධතා පාගමන සංවිධාන කළ පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් මහජනතාව ඒකරාශී කරවීමේ චෝදනාව මත මෙලෙස නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.