වර්තමානයේ දී ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් පවතින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.
ඊයේ පාර්ලිමේන්තු සභාව අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ. තරුණ පිරිස් අතර වැඩි වශයෙන් ප්‍රචලිත සමාජ මාධ්‍ය තුළ වැරදි තොරතුරු ප්‍රචාරය වීම රටේ ස්ථාවරභාවයට පවා හානි විය හැකි බවටයි ඔහු එහිදී අනතුරු අගවා සිටියේ.
මේ අතර සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය ද සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
වැරදි සහගත අයුරෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට එරෙහිව යම් නීති රාමුවක් සැකසීම ප්‍රසංසාවට කරුණක් වුවද සමාජ මාධ්‍ය භාවිත කරමින් ආණ්ඩුව සිදුකරන වැරදි සහගත ක්‍රියා නින්දා සහගත බවයි ඇය එහිදී අවධාරණය කලේ.