පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් පක්ෂ මෙන්ම කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සඳහා කෙටුම්පත් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඒවායේ පිටපත් අනෙක් පක්ෂ නායකයන් වෙත හෙට දිනයේදී ලබාදෙන බවයි.
එම සංශෝධන කෙටුම්පත්වල මූලික හරය පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් ඉදිරිපත් කළ බවද ඔහු කියාසිටියා.
පක්ෂ නායක රැස්වීම හරහා කථානායකවරයාට ඉදිරිපත් වන කෙටුම්පත් සම්බන්ධයෙන් ඉදිරියේදීද පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුලු 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනාවක්ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.