ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම පනත් කෙටුම්පත අවස්ථා කිහිපයකදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් අනුමැතිය ද හිමිවුණා.
ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට පාලන කටයුතුවලට සම්බන්ධ වීමට ඇති හැකියාව ද නව ව්‍යවස්ථාවෙන් අඩපණ කෙරෙනු ඇති.
මෙම නව සංශෝධනයෙන් ජනාධිපතිවරයා පත් කිරීමේ දී සැලකිලිමත් විය යුතු සහ සපුරාලිය යුතු කරුණු, අග්‍රාමාත්‍ය ධුරයේ බලය සහ තනතුරේ ස්වභාවය, නව කොමිෂන් සභා සහ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව වගකිව යුතු ආකාරය පිළිබඳ පුළුල් අර්ථකථනයක් ඉදිරිපත් කර තිබෙනවා.