ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් රටින් බැහැර යෑම පිළිබඳව තියුණු සංවාදයක් පැනනැගී ඇති තත්වය තුළ ආගමන හා විගමන නිලධාරීන්ගේ රාජකාරිවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
රටේ පවතින අරාජික සහ නොසන්සුන්කාරී තත්වයට කඩිනම් විසඳුමක් නොදුන හොත් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් බැහැර වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
