ජාතීන් හා ආගම් අතර අසමගිය ඇතිකිරීම හා සංහිඳියාව බිඳ දැමිමට උත්සාහ දැරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කලා.
විනිසුරු අමල් රණරාජා මහතා විසිනුයි එම නියෝගය නිකුත් කළේ. පසුගිය මාර්තු 09 වැනිදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 16 වැනිදායි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.
ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා සඳහන් කලා.
ඒ අනුවයි මාස 08 කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කෙරුණේ.