එන්නත්කරණය සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන අසත්‍ය මත හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුල පමණක් අවරුදු 60 ට වැඩි පුද්ගලයින් 40 දහසකට ආසන්න ප්‍රමාණයක් එන්නත ලබා නොගෙන ඇති බව හෙළ වී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
අද පෙරවරුවේ පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව අණාවරන කලා. මෙරට භාවිතයට ගන්නා කිසිදු කොවිඩ් මර්ධන එන්නතක් තතත්වයෙන් උස් පහත් ලෙස වර්ග කිරීමේ හැකියාවක් නොමැති බවයි එහිදී ඔහු අවධාරණය කලේ.
මේ අතර ගැබිණී සහ කිරිදෙන මව්වරුන් එන්නත්කරණයට ලක්වීමේ ඇති අවශ්‍යතාව සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ විශේෂ අවධානය යොමු වුණා.