වෘත්තීය ක්‍රියාමාර්ගයක් පවතින අවස්ථාවේදී ඔන්ලයින් ඉගැන්වීම් වල නිරතවෙන ගුරුවරුන්ට තර්ජන කිරීමේ අවස්ථාවක් වෙතොත් ඒවා දැනුම්දෙන ලෙස පොලීසිය සිදුකර ඇති නිවේදනයට ගුරු සංගම් අද ප්‍රතිචාර දැක්වූවා.
ලංකා ගුරුසේවා සංගමය අවධාරණය කරන්නේ කිසිදු අවස්ථාවක ගුරුවරයෙකු විසින් තවත් ගුරුවරයෙකුට තර්ජනය කිරීමක් හෝ බලපෑමක් කිරීමක් සිදු වී නොමැති බවයි.
නමුත් ආණ්ඩුවට හිතවත් ගුරු සංගම් විසින් විවිධ අසත්‍ය චෝදනා කරමින් පොලිස් ස්ථාන වෙත පැමිණිලි ගොණු කරමින් පවතින බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා.