කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට වයස අවුරුදු 60 ට වැඩි ජනතාවට තුන්වන එන්නත් මාත්‍රාව දීම අද (17) සිට ආරම්භ වනවා.
බස්නාහිර සහ දකුණ පළාත්වලත් අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මෙලෙස පළමු අදියර යටතේ තුන්වන මාත්‍රාව දීමට නියමිතයි.
දෙවන මාත්‍රාව ගැනීමෙන් මාස තුනක් ඉක්මවූ වැඩිහිටියන් සදහා පමණයි තුන්වන මාත්‍රාව දෙනු ලබන්නේ.
ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පළමු සහ දෙවන මාත්‍රාව ලෙස කුමන වර්ගයක එන්නතක් ගෙන තිබුණද එම පිරිසට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දෙන බවයි.