වයස අවුරුදු 18 ත් 19 ත් අතර නීරෝගී දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබන සඳුදා සිට ලබාදීමට එන්නත්කරණ තාක්ෂණික කමිටුව තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රජයේ රෝහල් තුළ එය ලබා දීමටයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ තාක්ෂණික කමිටුව තීරණය කර ඇත්තේ.
ළමුන් සඳහා කොවිඩ් එන්නත්කරණයේ මෙතෙක් ක්‍රියාත්මක වූයේ ආසාත්මිකතා සහ අනිකුත් රෝග වලින් පෙලෙන දරුවන් සඳහා එන්නත් ලබාදීම පමණයි.
ඒ අනුව ළමුන් එන්නත්කරණයේ දෙවන අදියර වන අවුරුදු 15 ත් 19 ත් අතර නිරෝගී දරුවන් එන්නත්කරණය සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය විමසා තිබෙනවා.
දරුවන් එන්නත්කරණය හා සම්බන්ධව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සිදු කරන්නා වූ යාන්ත්‍රණයම යොදාගනිමින් අවුරුදු 15 – 19 වයස් කාණ්ඩයේ නිරෝගී දරුවන් හට ෆයිසර් එන්නත ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී යෝජනා කර තිබෙනවා.
මේ ඒ පිළිබද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා.
රෝගාබාධ වලින් පෙලෙන අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළවුනා.
එම වැඩපිළිවෙල යටතේ සතියක කාලයකදී දරුවන් දස දහසකට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්කර ඇති බවයි වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේ.