සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

අවුරුදු 12 ට වැඩි ළමයින්ටත් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමට සැළසුම්

Admin by Admin
2 years ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
MAHINDA RAJAPAKSA

MAHINDA RAJAPAKSA

0
SHARES
51
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැළසුම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පැවසීය.

හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

ළමයින්ට එන්නත් ලබා දීමේ දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට එහි දී ප්‍රමුඛත්වය ලබා දෙන බව ද අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වමින් හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කළාය. අනතුරුව ඇය එහි වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය සමඟ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූවාය.

හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු පළමුව ආරම්භ වූයේ 2020 වසරේ මාර්තු මාසයේ දී ය. එතැන් පටන් මේ දක්වා රෝගීන් 6000කට පමණ එමගින් ප්‍රතිකාර කර තිබේ.

කොවිඩ් වැළඳෙන ළමයින් සඳහා මෙතෙක් ප්‍රතිකාර ක්‍රියාත්මක වී ඇත්තේ කාන්තා වාට්ටු සංකීර්ණයේය.

නව ඒකකය ස්ථාපිත වීමත් සමඟ ළමයින් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇති බව වෛද්‍යවරු පවසති.

කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකක සෑම පළාතකම ස්ථාපිත කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සංකල්පය වී තිබේ.

 

දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,

අපේ රටේ ළමා පරපුර ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනාම සතු වගකීමක්. ඔවුන් තමයි අපේ රටේ අනාගතය. අද දෙමාපියන් වගේම රජයක් විධියට අපිත් දරුවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන බව ඔබ තමුන්නාන්සෙලා දන්නවා.

ඉතිහාසය අරගෙන බැලුවම විවිධ වසංගත වලට  ලෝකය මුහුණ පාලා තියෙනවා. කොතරම් තාක්ෂණයෙන් දියුණු වුණත් මේ වගේ වසංගතවලට නිශ්චිත විසඳුම සොයා යෑම ඉතා දුෂ්කර කාරණයක් බවයි හැමෝම පිළිගන්නෙ.

ඒ නිසා අපි මේ වගේ කාලයක වෙනදාටත් වඩා ශක්තිමත්ව,එකමුතුකමින් මෙවැනි වසංගතයන්ට මුහුණ දෙන්න ඕනි.

වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශාල පිරිසක් මේ වනවිටත් කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගන්න දිවා රෑ වෙහෙසෙනවා.

ඒ වෙනුවෙන් ඔවුන් කරන කැපවීම රජයක් විධියට අපි හැමදාමත් අගය කළා.අගය කරනවා. ඒ විතරක් නෙමෙයි රටේ මුළු මහත් ජනතාවත් ඔවුන්ගේ මේ කැපවීම හදවතින්ම අගය කරනවා.

මිත්‍රවරුනි,

අපේ රටේ තියෙන්නෙ දරුවන්ට ආදරය කරන, ඔවුන්ට ප්‍රමුඛත්වය දෙන සංස්කෘතියක්. ඒ නිසා දරුවන් රැකගන්නෙ කොහොමද කියලා අපි නිතර කල්පනා කරනවා.

කොවිඩ් වසංගතය පැතිරිලා තමන්ගෙ දරුවන්ටත් මේ වසංගතයට මුහුණ දෙන්න වෙයිද කියලා දෙමව්පියන්ට බයක් තියෙනවා.

මමත් තාත්තා කෙනෙක් විධියට, මගේ බිරිඳ ශිරන්ති අම්මා කෙනෙක් විධියට දරුවන් ගැන හිතන විධිය, එතැනින් එහාට දරු මුණුපුරන් ගැන හිතන විධිය, ඔවුන්ට දක්වන ආදරය අපිට අමුතු දෙයක් නෙමයි. අපි හැමදාමත් මේ රටේ දරුවන් ගැන කල්පනා කළෙත් එහෙමයි.

ඒ නිසා අනෙකුත් ජනතාව මෙන්ම විශේෂයෙන් මේ  දරුවන්ව කොවිඩ්  වසංගතතයෙන් බේරා ගන්න අපි සෑම පියවරක්ම ගන්නා බව සිහිපත් කළ යුතු යි.

මිත්‍රවරුනි,

අපේ රටේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය රට ගැන කල්පනා කරලා කවදත් අවශ්‍ය යුතුකම ඉටු කළ වෛද්‍ය සංගමයක්.

දරුවන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගන්න, ඔවුන්ගෙ ජීවිත රැකගන්න රජයට තිබෙන උනන්දුව දැකලා, ළමයින් වෙනුවෙන්ම හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් ආරම්භ කරන්න මේ අයට  හැකියාව ලැබුණෙ ඒ නිසයි.

 

අද මේ කාර්යය ඉටු කරපු විශේෂඥ වෛද්‍යවරුන් මා සමඟ කිව්වේ හැකි ඉක්මනින් අනෙකුත් පළාත්වලටත් මෙවැනි ප්‍රතිකාර ඒකකයක් ලබා දෙනවා කියලා. ඒ අනුව මේ කාර්යය අවසන්වනවිට හැම පළාතකටම ළමා  කොවිඩ් ප්‍රතිකාර ඒකකයකුත් ස්ථාපිත වෙනවා.

ඒ විතරක් නෙමෙයි, දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ කැපවීම් කරන්නත් මේ වෛද්‍යවරුන් සූදානම්.

අරලියගහ මන්දිරයේ  තිබුණ පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක දි මේ අය රටේ අධ්‍යාපන කලාප 99ටම විශේෂඥ වෛද්‍යවරයකු ගානේ පත්කරලා, දරුවන්ව බලාගන්නත් ඉදිරිපත් වුණා.

මිත්‍රවරුනි,

මුළු ලෝකයේම තිබෙන තත්ත්වය දැන දැනත් ඇතමුන් මේ වෙලාවෙත් ඉල්ලීම්වලටයි ප්‍රමුඛත්වය දෙන්නෙ. විසඳුමක් දෙන්න කාලයක් දෙන්න කියලා කිව්වත් මේ අය ඒවාට ඇහුම්කම් නොදී දරුවන්ට පාඩම් උගන්වන්නෙ නැතිව රජයට පාඩම් උගන්වන්න යනවා.

මේ වසංගතය ආපු වෙලාවේ අපි මුලින්ම පාසල් වහලා දැම්මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.

ඔබට මතක නම් විටෙන් විට අවදානම පහව ගියත් අපි පාසල් නැවත විවෘත කළේ නැහැ.

එහෙත් මේ විධියට පාසල් වහලා තියන්න අපි කැමැතිත් නැහැ.

මොකද අපි දන්නවා අධ්‍යාපනය විතරක් නෙමෙයි විෂය බාහිර දැනුමත් පාසල තුළින් ලැබෙනවා. දරුවන්ට අනාගතයට මුහුණ දෙන්න අවශ්‍ය දැනුම තිබෙන්නෙ පත පොතේ විතරක් නෙමෙයි. පාසලේ දී ගුරුවරුන් අපට ජීවිතයත් කියා දෙනවා. ඒක අදට වඩා වටින්නෙ අනාගතයට.

ඒ නිසා ගුරු විදුහල්පති අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කරලා අවසන් වූ වහාම වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න රජය සැලසුම් සකස් කර අවසන්. එහිදිත් විවිධ සංකූලතා තිබෙන දරුවන්ට ප්‍රමුඛත්වය දෙන්නත් අප බලාපොරොත්තුවෙනවා.

මිත්‍රවරුනි,

අපිට විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ දියුණු රටවලටත් මේ වසංගතය පාලනය කර ගැනීම අද අභියෝගයක් වෙලා. දැනට තිබෙන එකම විසඳුම එන්නත්කරණය මගින් ජීවිත හානි මෙන්ම රෝගය පැතිරීම වළක්වා ගැනීම පමණයි.

අපි රටක් විධියට එන්නත්කරණය අතින් බොහෝ ඉදිරියෙන් ඉන්නවා. ඒත් මේ කටයුත්ත තව තවත් වේගවත් කරමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත යුතුයි.අපි  ප්‍රමුඛත්වය දෙන්නේ ඒ සඳහායි.

එහෙම තියෙද්දි අද ඇතමෙක් බොර දියේ මාලු බානවා. සමහරු ඒ අස්සෙ දේශපාලන කෝන්තරත් පිරිමහනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. මේවා අපට හොඳට පුරුදුයි. ඒ නිසා මේවාට උත්තර දෙනවට වඩා වටින්නෙ ඒ කාලයත් තවත් ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් යෙදවීම කියලයි අපි විශ්වාස කරන්නෙ.

මිත්‍රවරුනි,

රටේ සමස්ත ජනතාව ගැන කල්පනා කරලා ගන්න ඇතැම් තීන්දු ජනප්‍රිය නොවුනත් අපට එවැනි තීන්දු ගන්න වෙනවා. දැඩි සංචරණ සීමා පැනවීම වැනි තීන්දු ඔබේත් අපේත් සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයි.

ඔබ මෙවැනි අවස්ථාවක රජයේ වගකීම දෙස බලා සිටිනවා වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් තම තමන්ට පැවරෙන යුතුකමත් ඉටුකරනවා නම් අපට මේ අභියෝගය ජය ගැනීම අපහසු නැහැ.

එවැනි වටපිටාවක අනාගත ළමා පරපුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජයට සහයවන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සියලුම වෛද්‍යවරුන්ටත්, අනෙකුත්  වෛද්‍යවරුන් ඇතුළු  රෝහල් කාර්ය මණ්ඩල සඳහාත් මාගේ ප්‍රණාමය නැවත වතාවක් පුද කරන්න කැමතියි.

Admin
Tags: එන්නත්කරණකොවිඩ්මහින්ද රාජපක්ෂ
Previous Post

තලේබාන් කාබුල් වටලයි – ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමට සැළසුම්

Next Post

Breaking: අගෝස්තු 17 මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව සඳහා අවසර නෑ

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
විවාහ උත්සව මාර්ගොපදේශ නැවතත් සංශෝධනයට

Breaking: අගෝස්තු 17 මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව සඳහා අවසර නෑ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In