නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 55842 දක්වා ඉහල ගොස් තිඛෙනවා.
ඒ ඊයේ උදාසන 6 සිට අද උදාසන 6 දක්වා කාලය තුළ තවත් පුද්ගලයින් 186 ක් අත්අඩංගුවට ගැනීමත් සමගයි.
බස්නාහිර පළාතට ඇතුලුවන වාහන 787 ක් හා පිටවන වාහන 735 ක් පොලිසිය ඊයේ පරීක්ෂාවට ලක් කර තිබුනා.
එමෙන්ම බස්නාහිර පළාතට ඇතුලුවන පුද්ගලයින් 1437 ක් හා පිටවන පුද්ගලයින් 1261 ක් ද පරීක්ෂාවට ලක්කල බවයි පොලිසිය පැවසුවේ.
මාර්ග බාධක හරහා ගමන් කිරිමට නියමිත අවසරය නොමැතිවිම නිසා පුද්ගලයන් 471 ක් සහ වාහන 191ක් නැවත හරවා යවා තිඛෙනවා.