කොවිඩ් වසංගත තත්වය සම්බන්ධයෙන් අදාළ අංශවල අවධානය අවම වුවහොත් එළැඹෙන උත්සව සමයේදී වසංගත ව්‍යාප්තිය වැඩිවනු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා.
ඒ හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩවීමට ඇති හැකියාව පිළිබද සොයා බලා නීතිමය ක්‍රියාමාරර්ග ගැනීමේ ක්‍රමවේද සකස් කිරීම වඩාත් වැදගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අවධාරණය කළේ.
තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත පිළිබදව පැතිර යන මතවාද සම්බන්ධයෙන්ද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතාගේ අවදානය යොමු වුණා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිකුත් කරන තොරතුරු මත පමණක් එක්ව කටයුතු කරන ලෙසයි ප්‍රසාද් කොළඹගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.