ආසාධිතයින්ගේ හෝ මරණ වල දෛනික වාර්තාවීම් වල යම් අඩුවක් පැවතියද කොවිඩ් අවදානම පහවගොස් නොමැති බව කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
අවදානමෙන් මිදීමට ඇති එකම මාර්ගය කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම නිසි පරිදි ලබාගැනීම බවයි ඇය පෙන්වාදෙන්නේ.
එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සදහා එක්වූ අවස්ථාවකදී මාධ්‍ය අමතමින් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම අදහස් පළ කලා.
