මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ එන ප්‍රධාන නැකැත් සියල්ල අදට යෙදී තිබෙනවා.
නොනගතය හෙවත් වැඩ අත්හැරීම සමග ආරම්භ වන පුණ්‍ය කාලය යෙදෙන්නේ අද පෙරවරු 8 යි 35ටයි.
එය අපරභාග 9 යි 23 දක්වා ක්‍රියාත්මකයි.
ඒ අනුව අද පූර්වභාග 8 යි 35 ට පෙර ආහාර අනුභව කර සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි යනුවෙන් අවුරුදු නැකැත් පත්‍රයේ සඳහන්.
පුණ්‍ය කාලයේ අපර කොටස තුළ ආහාර පිසීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය යන චාරිත්‍ර විධි යෙදී තිබෙනවා.
මෙවර අලුත් අවුරුද්ද උදාවන්නේ අද අපරභාග 2 යි 59 ටයි. ආහාර පිසීම අපරභාග 3 යි 29 ට යෙදී තිබෙනවා.
විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ , ගිනි මොලවා කිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි යනුවෙන් නැකැත් පත්‍රයේ සදහන්.
මෙවර අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අපරභාග 5 යි 5 ටයි.
විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙණු කර ආහාර අනුභවය මැනවි යනුවෙන් නැකැත් පත්‍රයේ සදහන්.