සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද සිදු කරනවා.
ඒ, පූර්ව භාග 09.41ට රතු සහ කහ මිශ්‍ර වර්ණයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.
මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය බියගම හෙයියන්තුඩුව පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.