පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම පිළිබඳ වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව මේ වන විට වෘත්තීය සමිති හා හාම්පුතුන් සමග කම්කරු අමාත්‍යාංශය සාකච්ඡා කරමින් පවතින බව කම්තරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
විගමණික සේවකයන් සඳහා රක්ෂණ ලබා දීමේ කටයුතු අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් කම්කරුවන්ට අදාල නීති රාමුව නූතන කාලයට ගැළපෙන පරිදි සකස් කිරීම සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා පවසනවා.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේ 2022 වසර සදහා අද කම්කරු අමාත්‍යංශයේ රාජකාරි කටයුතු අරඹමින් අමාත්‍යංශයේ පැවති සේවක හමුවේ දීයි.