අලි – මිනිස් ගැටුම් හේතුවෙන් 2020 වර්ෂයට වඩා පසුගිය වර්ෂය තුළ වන අලි මෙන්ම මිනිසුන්ද වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වන ජීවී දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව 2021 වර්ෂයේදී වන අලි පහර දීම් හේතුවෙන් පුද්ගලයන් 141 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර වන අලි 369 ක් මියගොස් තිබෙනවා.
කෙසේ නමුත් 2020 වර්ෂය තුලදී වන අලි පහර දීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ පුද්ගලයන් 112 ක් සහ වන අලි 327 ක් බවයි වන ජීවී දෙපාර්තමේන්තුව සදහන් කළේ.
2020 වසරට වඩා පසුගිය වසර තුළ අලි – මිනිස් ගැටුම හේතුවෙන් දෙපාර්ශයේ මරණ වැඩි වශයෙන් වාර්තා වීමට හේතුව වී ඇත්තේ වන අලි ගම් වැදීමත්, වන අලින්ගේ වාස භූමිවල මිනිස් ජනාවාස බිහිවීම බවත් සදහන්.
වන අලි මරණ වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ මිනිස් ක්‍රියාකරකම් හේතුවෙන් බවද වන ජීවී දෙපාර්තමේන්තුව හදුනා ගෙන තිබෙනවා. ඒ අතර හක්කපටස් ආහාරයට ගැනීමට සැලැස්වීමෙන් වන අලින් 68 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මීට අමතරව විදුලිය සැර වැද්දවීමෙන් 65 දෙනෙකු / වෙඩි තැබීමෙන් 45 දෙනෙකු සහ විෂ ශරීරගත කිරීමෙන් 04 දෙනෙකු වශයෙන් වන අලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.