මේ වනවිට රටේ උද්ගතවී තිබෙන අර්බුධය නිසා ඉදිකිරීම් ක්ශේත්රමය තුල මතුවී තිබෙන ගැටලු වලට විසඳුම් ලෙස පහත යෝජනා ජාතික ජනබලවේගයේ ඉංජිනේරු සංසදය වෙනුවෙන් ඉදිරිපත්කරමු.
1. රැකියා අහිමිවන තෝරාගත් පුහුණු ශ්රaමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමසඳහා රජය මැදිහත් වීම. මේ සඳහා අවශ්යා කෙටි පුහුණුව, ණය යෝජනා ක්රඅමයක්, රැකියා අවස්ථා සොයා ගැනීම සඳහා විදේශ රට වල තානාපති සේවයන් හරහා සොයා බැලීම් රජය මැදිහත්ව සිදුකල යුතුයි.පුහුණු ශිල්පීන් හට විදේශ රැකියා සඳහා යොමුවීමට අවශ්යි අවශ්යත වෘත්තීය සහතික පත් නොමැති අවස්ථාවලදී ඔවුන් වෙනුවෙන් කෙටි කාලීන වෘත්තීය පුහුණු පාඨමාලා අවසානයේ යම් සහතිකයක් නිකුත් කිරීම සඳහා රජය විසින් අදාල ආයතන හරහා වැඩපිළිවෙළක් ඇරඹිය යුතුය.
2. රජය මැදිහත්වී දේශීය ඉදිකිරීම් සමාගම් වලට විදේශ රට වල ඉදිකිරීම් කොන්ත්රායත් ලබාගැනීමට ඇති ඉඩකඩ සොයා බලමින් යම් සේවක පිරිසක් එම සමාගම් හරහා සේවයේ යෙදවීම මගින් සමාගම් බිඳවැටීම මෙනම ඩොලර් අර්බුධයටද විසඳුමක් ලබාදෙනු ඇත.
3. ඉදිකිරීම් සමාගම් ලබාගෙන ඇති බැංකු ණය සහ ලීසින් පහසුකම් වෙනුවෙන් සහන ලබාදීම. ගිවිසුම් ගතව ඇති නමුත් දැනට වැඩ කටයුතු කරගෙන යාමට අපහසුතා ඇති ගිවිසුම් අවලංගු කරගැනීමට අවශ්යස කඩිනම් පියවර ගැනීම
4. යම අරමුදල් ප්රසමාණයක් වෙන්කොට රජයේ අත්යානවශ්යඳ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සිදුකරල යුතු අතර එම වැඩ එක් එක් සමාගමේ සිටින සේවක සංඛ්යාලවට අනුව බෙදා දීම මගින් ඔවුන්හට මෙම අර්බුධය තුලදී තම සමාගම් පවත්වාගෙන යාමට සහාය විය හැක
5. ADB, World bankසහ අනෙකුත් විදේශීය අධාර දෙන ආයතන මගින් ලබාදෙන අරමුදල් මගින් සියලුම දේශීය කොන්තරාත් කරුවන්හට තම සේවකයින් සහ යන්ත්‍රසූත්රක නඩත්තු කරගැනීමට හැකිවන ලෙසට ප්රලමානවත් වැඩ ලබාගැනීමට හැකි යාන්ත්රකණයක් පිලිබඳව සොයා බැලීම.
6. රැකියා අහිමි වන සේවකයින්හට EPF ETF අරමුදලින් යම් සහනයක් ලබාදිය හැකිදැයි සොයා බැලීම
7. හැකි අය සවයං රැකියා අවස්ථා සඳහා යොමු කිරීම සඳහා රජය මැදිහත් වීම.
8. මෙම අර්බුධය පහව යනතුරු අවශ්යඳ පහසුකම් සැලසීම, නියාමනය, සහ අධීක්ෂණය සහ ක්රි යාත්මකකිරීම සඳහා යම් බලය ලත් ආයතනයක් පිහිටුවීම. මෙහි සාමාජිකයන් ලෙස CIDA සහ කොන්ත්රා්ත් සංගම් වල නියෝජිතයින් සහ අදාල රජයේ අයතන වල නිලධාරීන් පත් කල යුතු අතර , සිදුකරණු ලබන සියලුම දේ විනිවිධ බාවයකින් සිදුවන බවට වග බලාගත යුතුයි
9. විදේශ ගතවීමට නොහැකි රැකියා අහිමිවූ අයවලුන් සඳහා යම් ගෙවීමක් සමග පාඨමාලා සහ පුහුණු වැඩමුළු පැවැත්වීම මගින් ඉදිරියේදී රටේ ඇතිවිය හැකි ශ්රුම බලකායේ හිගයට පිලියම් යෙදිය හැක. පෞද්ගලික ඉදිකිරීම් ආයතනවල සේවයේ යෙදී සිටි, පවතින තත්වය යටතේ අතිරික්තයක් බවට පත්වූ සේවකයින් මෙවැනි පාඨමාලා වලට යොමුකිරීම කලහැක.
10. මේ වනවිට රට තුල යම් චීන ඉදිකිරීම් සමාගම් ගනනක් ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටිති. ඔවුන්ගේ ශ්රිම බලකායෙන් විශාල ප්ර්තිශතයක් චීන ජාතිකයන් බව නිරීක්ෂණය කර තිබේ. එම තත්වය වෙනස් කර ශ්රීන ලාංකිකයන් යම් ප්රලතිශතයකටත් ඔවුන්ගේ ඉදිකිරීම් ව්යාමතිවල රැකියා අවස්ථා ලබාදෙනමෙන් චීන රජයෙන් සහ එම සමාගම්වලින් ඉල්ලිමක් කිරීමට රජය මැදිහත්විය යුතුයි.
11. විදේශ රැකියා අපේක්ෂා කරන අයවලුන් සහවිවිධ රටවල පවතින ඇබෑර්තු පිලිබඳ දත්ත ගබඩාවක් සහ පරිඝනක මෘදුකාංගයක් මගින් විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීම පහසු වනු ඇති අතර එමගින් මෙම වැඩපිලිවෙල දේශපාලකයින්ගේ මැදිහත්වීමකින් තොරව සාර්ථක කරගතහැකි වනු ඇත. මේ පිලිබඳව කටයුතුකිරීම සඳහා අදාල ක්ශේත්රෙයන් සහ ආයතන නියෝජනයෙන් කාර්ය සාධක බලකායක් නිර්මාණය කල යුතු අතර එහි කටයුතු මුලුමනින්ම විනිවිද භාවයකින් යුතුව සිදු කල යුතුව ඇත.
12. ඉහත කරුණු සහ වෙනත් අදහස් තිබේනම් සලකා බැලීම සඳහා රජය වහාම දේශීය ඉදිකිරීම සමාගම් සහ එම සංගම් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් සහ යෝජනා සලකා බැලීම කල යුතුය.