රට හමුවේ ඇති අර්බුදය පිළිබද ආණ්ඩුවේ පිරිස් වරින් වර ප්‍රකාශ කළද එම අර්බුදයට වග කිව යුතු පිරිස් සම්බන්ධයෙන් ඔවුන් අනාවරණය නොකරන බවට ජාතික ජන බලවේගය චෝදනා කරනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.