මහ බැංකු බැඳුම්කර සිද්ධියේ විත්තිකරුවෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව අදාල නඩුව පවත්වාගෙන යාම හැර මෙම අවස්ථාවේදී කළ හැකි දෙයක් නැතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් පිළිබද ඇතැම් පිරිස් දේශපාලන වේදිකාවේ කර ඇති ප්‍රකාශ පිළිබද තමා කිසිවක් නොදන්නා බවයි.
වංචා දූෂණවලට සම්බන්ධ පිරිස් වෙත තත්වය තරාතිරම නොබලා පියවර ගැනිමකින් තොරව රට ගොඩනැගිය නොහැකි බවයි විවාදයට එක්වු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා පෙන්වා දුන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වී ඇතත් ඔවුන්ට ලබාදෙන ප්‍රභූ ආරක්ෂාව මේ දක්වා ඉවත් කර නොමැති බවටයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා චෝදනා කලේ.