තම ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව ආරම්භ කර ඇති අරගලය ඉදිරියට ගෙනයාම හැර වෙනත් විකල්පයක් නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා අවධාරණය කරනවා.
ගුරු සහ විදුහල්පති සංගම් ඒකාබද්ධව අද (28) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව අවධාරණය කළේ.
ගුරු සහ විදුහල්පති වෘත්තීය සංගම් ඒකාබද්ධව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 17ක්.
ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.
කෙසේ වෙතත් ඊයේ පැවති මෙම සාකච්ඡාව ප්‍ර?ිඵලදායක නොවූ බවයි ජෝසප් ස්ටාර්ලින් මහතා අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
ගුරු විදුහල්පති ඒකාබද්ධ අරගලය ට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමට ආණ්ඩුවේ ඇතමුන් උත්සහ කරන බවටද ජෝෂප් ස්ටාර්ලින් මහතා මෙහිදී චෝදනා කර සිටියා.