අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළ වලට අලාභ හානි සිදු කිරීම යන චෝදනාව යටතේ කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම මතයි.
32 හැවිරිදි රන්දිමාල් ගමගේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙකු වන අතර ඔහු ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.
