මහරගම නගරයේ දී අරගලයට සහාය දැක් වූ පොලිස් සැරයන්වරයා අද අළුයම තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම මාගම්මන ප්‍රදේශයේ පදිංචි නාරාහේන්පිට පොලිස් ගරාජයට අනුයුක්ත සැරයන්වරයෙකුයි.
සැකකාර සැරයන්වරයා සන්තකයේ තිබී අගල් 2 ක් පමණ පළල – අගල් 10 ක් පමණ දිගැති තියුණු ආයුධයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටි සැකකරු සෙරෙප්පු යුගලක් පැලඳ ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන්ට සැකසිතී සිදු කළ පරික්ෂාවේදී තියුණු ආයුධය සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සැරයන්වරයා වැඩිදුර විමර්ශන සඳහා කොටුව පොලිසියට භාරදී තිබෙනවා.
