දැනට ජනතා සතු කර ඇති කොටුව ජනාධිපති මන්දිරය / අරලිය ගහ මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථාන හෙට දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ පසු අරගලකරුවන් යළි ආරක්ෂක අංශ වෙත භාරදිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ එසේ නොවන්නේ නම් ආරක්ෂක ගැටළු ගණනාවක් රට තුල නිර්මාණය විය හැකි බවයි.