අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 01 යි ග්රෑම් 10ක ප්‍රමාණයක් සමග සැකකරුවන් පස්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිලධාරින්ට ලද තොරතුරක් මත මන්නාරම පොලිස් වසමේ සිදුකල වැටලීමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ අනුව අදාල මත්ද්‍රව්‍යය සන්තකයේ තබා ගනිමින් ප්‍රවාහනය කිරීමේ වරදට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එයට අනුබල දීමේ වරදට සැකකරුවන් හතර දෙනෙකු සහ මෝටර් රථය සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 29ත් අතර වයස්වල පසුවන පේසාලේ සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් අද මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මන්නාරම පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.