අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු තලෙයිමන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුධ හමුදා බුද්ධි නිලධාරින් විසින් ලබා දුන් තොරතුරක් මත මන්නාරම පොලිම් වසමේ ජපන් මිත්‍රත්ව පාලම අසලදීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්රෑම් 410කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික බස් රථයකින් ප්‍රවාහනය කළ බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කළා.
සැකකරුවන් විසින් අදාළ මත්ද්‍රව්‍යය, තලෙයිමන්නාරම සිට කොළඹ දක්වා රැගෙන යාම සදහා බස් රථයේ ආයුධ දමා ඇති පෙට්ටියේ සගවා රැගෙනවිත් ඇතිබවට අනාවරණය වී තිබෙනවා.
මොවුන්ගෙන් ලබා ගත් තොරතුරු මත සැකකරුවන් දෙදෙනාට මත්ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයා අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 / 31 සහ 34ක් වන හලාවත , තලෙයිමන්නාරම සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රදවා තබා ගැනීමේ නියෝග ලබාගැනීමට නියතමිතයි.
මන්නාරම පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.