රාජ්‍ය සේවකයින්ට රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම ඇතුලු අනෙකුත් සහන ලබා දීමට මුදල් උපයා ගත්තේ කෙසේදැයි මුදල් අමාත්‍යවරයා හෙළිකල යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.
අස්ගිරි පාර්ශවයේ මහනායක හිමි බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි මේ බව කියා සිටියේ.
මෙම සහන ලබා දීම පිටුපස ඇත්තේ මුදල් අච්චු ගැසීම නම් ඉදිරියේදී තවත් අර්බුද රටතුළ ඇති විය හැකි බවද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නා.
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඊයේ දිනයේදී සිය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීම ඇතුලු අමාත්‍යංශ නිලධාරින් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද අනුර කුමාර දිසානායක මහතා එහිදී මෙලෙස අදහස් පළකලා.