දිනෙන් දින ඉහළ යන පරිභෝජන භාණ්ඩ මිල ගණන් හමුවේ ජනතාව මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතාවන්ට මෙවර අයවැයෙන් සාධනීය විසඳුමක් ලැබේදැයි යන්න සම්බන්ධයෙන් ඇත්තේ ප්‍රශ්නාර්ථයක් බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව පවසනවා .
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ භාණ්ඩ සහ සේවාවන් පසුගිය වසරට වඩා ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත්තේ රජයේ කළමනාකරණ අසමත් භාවය හේතුවෙන් බවයි .
භාණ්ඩ මත පැනවෙන අධික බදු මෙන්ම නිෂ්පාදන සහ බෙදාහැරීමේ දුර්වලතා ඊට ප්‍රධානම හේතුව බව පෙන්වා දෙන ඔවුන් මෙවර අයවැය යෝජනා තුළින් එම අධික මිල ඉහළ යාම පාලනය කිරීමේ කිසිදු ක්‍රමවේදයක් දැකගත නොහැකි බවද පෙන්වා දෙනවා .
පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා අහිමි වීම / රෝගී වීම යනාදී කරුණු හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවද ඔවුන් පවසනවා .
එමෙන්ම සමස්ථයක් ලෙස මෙවර අය-වැය තුළින් කරනලද වෙන්කිරීම් වලින් ස්ත්‍රීන්ට කිසිදු සහනයක් ගෙන එන බවක් නොපෙන්වන බවත් බොහෝ ලැබීම් කප්පාදු කර ඇති බවත් පෙනීයන බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් .
එලෙස මිනිසුන්ගේ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන සුරැකුම් ආර්ථිකය දැඩි ලෙස කප්පාදු කිරීම මගින් කාන්තාවන්ගේ ජීවිතයට තවත් බර පැටවී ඇති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.