රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සම්බන්ධ තමන් අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චං පවසයි.
ඇය මේ බව සදහන් කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
විරෝධතාකරුවන්ට මෙන් ම පොලිසියට ද එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ඇය සදහන් කරයි.
සාමකාමීව කටයුතු කරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුක්ත පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බව ත්, සාමකාමී විරෝධතාවල නිරත වීම සඳහා ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බව ත් ජූලී චංගේ ට්විටර් පණිවුඩයේ සදහන් වේ.
