අමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහල මට්ටමේ ධුත පිරිසක් හෙට සිට 29 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වනවා.
මෙම ධුත පිරිසට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්රොත් / දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලන් යන පිරිස අයත් වන බවයි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කලේ.
ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ දේශපාලන නියෝජිතයන් – ආර්ථික විද්‍යාඥයන් සහ ජාත්‍යන්තර සංවිධාන හමුවීමට කටයුතු කරනු ඇති. වත්මන් ආර්ථික අර්බුදය විසඳාලීම සඳහා අමෙරිකාවෙන් සහය දිය හැකි වඩාත් ඵලදායි ක්‍රම පිළිබඳව අදාළ සාකච්ඡාවලදී අවධානය යොමුකිරීමට නියමිතයි.
මෙරට සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චංග් සඳහන් කලේ බරපතල ආර්ථික අභියෝග රැසකට ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා සහය දීමටත් මෙරට ප්රජාතන්ත්රවාදී ආයතන ශක්තිමත් කිරීමටත් වෑයම් කරන බවයි.
ගතවූ දෙසතිය තුළ දී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 159 කට ආසන්න ආධාර ලබාදෙන බව නිවේදනය කරනු ලැබුවා.
ඉදිරියේදීත් මෙවැනි සහයන් ලබාදෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට ශ්‍රී ලංකාව ගත් තීරණයට අමෙරිකාවේ සහය හිමිවන බවත් අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.
