ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණට අමෙරිකා එක්සත් ජනපදය පැමිණ තිබෙනවා.
ඒ රන් පදක්කම් 39 ක් – රිදී 40 ක් සහ ලෝකඩ 33 ක් සමගයි.
චීනය දෙවන ස්ථානයේ පසුවන්නේ රන් 38 ක් – රිදී 32 ක් සහ ලෝකඩ 18 ක් සමගිනුයි.
ජපානය 03 වන ස්ථානයට පත්ව සිටින්නේ රන් 27 ක් – රිදී 14 ක් සහ ලෝකඩ 17 ක් දිනාගනිමිනුයි.
ටෝකියෝ ඔලිම්පික් උළෙල අදින් නිමාවට පත් වන අතර සමාප්ති උත්සවය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 04 යි 30 ට ආරම්භ වනවා.
