වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීම යෝග්‍ය බවට අමෙරිකානු විද්වත් කණ්ඩායමක් නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව හදිසි භාවිතය සඳහා ඉදිරියේදී ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි සඳහන්.
මේ වනවිට අමෙරිකාවේ වයස අවුරුදු 12 ට වැඩි වයස් කාණ්ඩයට ෆයිසර් එන්නත ලබාදෙමිනුයි පවතින්නේ.
ඊයේ ගනු ලැබු නවතම තීරණය ළමුන් මිලියන 28 කට පමණ අදාළ වනු ඇති බව සඳහන්.
ලබන 02 වනදා වනවිට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය ලබාදීමෙන් පසු අවුරුදු 05 ත් 11 ත් අතර කාණ්ඩයටද ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ වනු ඇති බව සඳහන්.