අමෙරිකාවේ කෙන්ටකී ප්‍රන්තයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ලුවිස්විල් නගරයේ බැංකු පරිශ්‍රයක් තුළ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවලකරුවන් 06 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිද්ධිය වාර්තාවිමත් සමග අදාළ ස්ථානයට ත්‍ඊෂ නිලධාරීන් ද අදාළ ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන් පොලිස් පරීක්ෂණ සඳහා සහය වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ බැංකුව තුළ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවක් තුළදී වෙඩික්කරු විසින් වෙඩි තැබීම සිදු කළ බවයි. සැකකරු ද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.