අමෙරිකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව රෙගුලාසි මාලාවක් පණවා තිබෙනවා.
ඒ කොවිඩ් වසංගතය හමුවේ පසුගිය වසරේදී වසා දැමුණු දේශ සීමා නැවතත් විවෘත කිරීමේ සූදානමත් සමගයි.
ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊයේ අත්සන් තබන ලද නව රෙගුලාසි අනුව අමෙරිකාවට පැමිණෙන සංචාරකයන් ගුවන් යානයට ගොඩවීමට පෙර අදාළ ගුවන් සමාගම විසින් ඔවුන්ගේ එන්නත්කරණ තොරතුරු තහවුරු කරගත යුතු වනවා.
අමෙරිකානු සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබාදී ඇති එන්නත් ලබාගෙන ඇතිද යන්නයි එහිදී විමසා බැලෙන්නේ.
ඊට අමතරව සෘණාත්මක පී සී ආර් වාර්තාවක් සංචාරකයා සතුව ඇතිද යන්නද විමසා බැලීමට නියමිතව තිබෙනවා.
මෙම නව රෙගුලාසි ලබන 08 වනදා සිට බලාත්මක වනු ඇති.