අමාත්‍ය මණ්ඩල සශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් ව්‍යවස්ථාව හරහා ලබා දී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් ඊට අදාළ පියවර ගනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
අද මහනුවරදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
සෞඛ්‍ය අමාත්‍යංශය දේශපාලනීකරණය වී ඇති බවට විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී ප්‍රතිචාර දැක්වූවා.
අමාත්‍යංශය තුළ යම්කිසි ගැටලුවක් පවතීනම් අමාත්‍යවරයා ලෙස ඊට සම්බන්ධ වීමට තමාට පූර්ණ අයිතිය ඇති බවයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදී අවධාරණය කළේ.