රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් තේරීම්භාර නිළධාරීන් වෙත නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක ලිපිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව පැෆරල් සංවිධානය පවසනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා එම ලිපිය නිකුත් කර තිබුණේ අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම්දෙනතුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන අපේක්ෂක ඇප තැන්පත් මුදල් භාරගැනීමෙන් වලකින ලෙස නියෝග කරන ලෙසට තමන් වෙත දන්වා ඇති බවයි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේදී එවැනි තීරණයක් නොගත් බවයි.
මෙවැනි තත්ත්වයන් හරහා අමාත්‍ය මණ්ඩලය ගනු ලබන තීරණ සම්බන්ධයෙන් බරපතල අවිශ්වාසයක් ඇති කරන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.
