බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට වැඩවර්ජනය හේතුවෙන් බාධා පැමිණෙන්නේ නම් පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීම සඳහා අවසර දීමට අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල වලට අවසර දීමට අද පස්වරුවේ රැස් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙිදී මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව ඉහත ගිණුම් පෞද්ගලික බැංකුවල ආරම්භ කිරීමට ඉඩදිය යුතු බවටත් තීරණය කර තිබෙනවා.
වැඩ වර්ජනය නිසා රාජ්‍ය බැංකු හරහා ගනුදෙනු කිරීමට නොහැකි වුවහොත් ණයවර ලිපි නිකුත් කිරීම ඇතුළු මූල්‍ය කටයුතු සියල්ලක්ම අඩාල වීමට ඇති අවදානම සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
