කෘෂිකර්ම – වන ජීවි හා වන සම්පත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට අද ඉන්දියාවෙන් ලැබීමට නියමිත පොහොර තොගය භාරගැනීමෙන් අනතුරුව තම ඉල්ලා අස්වීම බලාත්මක වන බවයි ඔහු සඳහන් කලේ.
පැය 24 ක් තුළ ශ්‍රී ලංකාවේ ඉල්ලා අස් වන 04 වන අමාත්‍යවරයා වන්නේ මහින්ද අමරවීර මහතායි.
බන්දුල ගුණවර්ධන – හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ද මේ වනවිට සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
