මැයි 09 වනදා නිට්ටඹුවේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ආරක්ෂකයා ඝාතන සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු වයස අවුරුදු 29 ක් වන නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි බස් රථ රියදුරෙකු බවයි නිව්ස් රේඩියෝ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කලේ.
