මැයි 09 වනදා මියගිය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ මරණය හමුවේ පුරප්පාඩුවූ මන්ත්‍රී ධුරය සඳහා ජගත් සමරවික්‍රම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එම තෝරා පත්කිරීමට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
පසුගිය මහමැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ අමරකීර්ති අතුකෝරාළ මහතාට පසුව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිව තිබුණේ ජගත් සමරවික්‍රම මහතාටයි.
