ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස කිසිවෙක් ප්‍රකාශ කර නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
කොළඹ අද පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
“නෑ..නෑ එහෙම කවුරුත් අපිට යන්න යන්න කියලා නෑ. අද නායකතුමා නැත්තේ එතුමා අත්‍යවශ්‍ය කාරණාවකට පොළොන්නරුවේ ගිහින් නිසා.”
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 21වන ගුණ සමරු උත්සවය අද කොළඔ 08, දේවී බාලිකා විදුහල අසල පිහිටි එතුමන්ගේ ස්මාරකය අභියසදී පැවැත් වුණි.
